පරිගණක ජාල වල බර වචන හරි හැටි දැනගනිමු

පරිගණක ජාල වල බොහෝ විට අපට තේරුම්‍ ගත නොහැකි ‘බර වචන‘ හෙවත් ‘අණ්ඩර දෙමළ‘ රාශියක් ඇති බව බොහෝ දෙනා දන්නා කරුණකි. ඒවා මොනවාදැයි හරි හැටි දැන සිටීමෙන් ඔබට වඩාත් හොදින් පරිගණක ජාලකරණයේ වාසි ලබා ගැනීමට හැකියාව ලැ‍බෙනු ඇත.




ISP
ISP ලෙස හදුන්වන්නේ අන්තර්ජාල සේවා සම්පාදකයායි. සරළව පැවසීමේදී ඔබ අන්තර්ජාල පහසුකම ලබාගන්නා සමාගම ඔබේ ISP එකයි. SLT, Mobitel, Dialog යනු ලංකාවේ ජනප්‍රිය ISP වේ.

LAN
කුඩා වපසරියක Wi-Fi router එකක් හෝ Network hub එකකින් සම්බන්ධ කරන ලද කුඩා පරිගණක ජාලයක් මෙනමින් හැදින්වේ.ඔබේ නිවසේ හෝ කාර්යාලයේ පරිගණක කීපයක් Network කර ඇතිනම් එය LAN එකකි.

WAN
ඉතා විශාල වපසරියක පැතිර ඇති පරිගණක ජාලයක් WAN එකක් නම් වේ.එක් ISP එකකින් රටකටම අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දෙන විට ඔවුන් නිර්මාණය කර ගන්නේ WAN එකකි.

IP Address
පරිගණක ජාලයක පරිගණකයක අනන්‍යතාවය හා ලිපනය යනු එහි IP Address එකයි. මෙය 192.168.050.163 වැනි ස්වරුපයක් ගනී. පරිගණක ජාලයක් තුලදී එක් පරිගණකයක් තවත් පරිගණකයකට සම්බන්ධ වන්නේ එහි IP Address එක හරහායි.

IPV4 හා IPV6
ලොව IP Address වල ස්වරුප දෙකකි. එකක් IP Version 4 වන අතර අනෙක IP Version 6වේ. IPV4 ලිපින ක්‍රමක්‍රමයෙන් අවසන් වෙමින් පවතින බැවින් නව IPV6 ක්‍රමය හදුන්වා දෙන ලදී.

Router
අන්තර්ජාල දත්ත ඔබේ පරිගණකයකටත්, පරිගණකයේ දත්ත අන්තර්ජාලයටත් සපයනු ලබන හුවමාරු මධ්‍යස්ථානය රවුටරයයි. මෙය Gateway එකක් ලෙසද හදුන්වනු ලැබේ.

NAT
මෙය රවුටර මගින් භාවිතා කරන තාක්ෂණික ක්‍රමයකි. එකම රවුටරයකට සම්බන්ධිත උපාංග කීපයක් භාවිතා කරමින් එකම IP ලිපිනයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වීමට මෙමගින් ඉඩ සැලසේ.

DHCP
මෙම පහසුකම හරහා විවිධ උපාංග වලට එකිනෙකා සමග සම්බන්ධ වීමේදී ස්වයංක්‍රීයව IP Address හා Network Settings සකසා ගැනීමේ හැකියාව ලැබේ. Wi-Fi හරහා රවුටරයකට සම්බන්ධ වන විට ඔබේ උපාංගය ස්වයංක්‍රීයවම එහි IP Address එක හදුනා ගෙන සම්බන්ධ වන්නේ DHCP හරහාය.එය නොමැති වුවහොත් ඔබට තනිවම අදාල සියලුම Settings ලබා දෙමින් එම කාර්යය ඉටු කර ගැනීමට සිදු වනු ඇත.

Host name
පරිගණක හා වෙනත් උපාංග එකිනෙක හදුනා ගන්නේ IP Address හරහා වුවද, මිනිස්සුන්ට පහසුවෙන් ජාලය තුල විවිධ උපාංග හදුනා ගැනීමට ඒ ඒ උපාංගයට ලබා දෙන නම හෙවත් Device name එක Host name නම් වේ.

Domain name
www.google.com හි අග ඇති .com කොටස Domain name එක ලෙස හදුන්වයි. මේවා .net, .org , .Co, .uk, .Jp  ලෙස විවිධාකාර වෙයි.

DNS
අප වෙබ් අඩවි හදුනා ගන්නේ එහි නම හා Domain name එකෙනි. උදාහරණයක් ලෙස අපට sllakshan.blogspot.com දැක්විය හැක.කෙසේ වුවත් පරිගණක වෙබ් අඩවි හදුනා ගන්නේ එම වෙබ් අඩවිය ඇතුලත් පරිගණක Server එකෙහි IP Address එක හරහායි. ඔබ පරිගණකයට ලබාදෙන වෙබ් ලිපිනය, IP ලිපිනයට හැරවීමේ ක්‍රමවේදය DNS ලෙස හදුන්වයි.

Ethernet
Ethernet යනු ලෝකයේ බහුලවම භාවිතා වන රැහැන් සහිත පරිගණක ජාල ක්‍රමයේ නාමයයි. ඔබේ පරිගණකය රවුටරයට සම්බන්ධ කර ඇත්තේ කේබලයක් හරහා නම් එය Ethernet සබදතාවකි. එම කේබලය සවි වන්නේ ඔබේ පරිගණකයේ ඇති Ethernet Port එකටයි.

Network Interface / Network Adapter
පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ වීමට භාවිතා කරන තාක්ෂණික උපාංග පද්ධතිය මෙනමින් හැදින්වේ. උදාහරණ ලෙස Laptop පරිගණකයක Ethernet හා Wi-Fi සබදතා ද්විත්වයම ඇත. මේවා එකිනෙකට වෙනස් Network Interface / Adapter දෙකකි.    

Local host
අන්තර්ජාල හෝ සාමාන්‍ය පරිගණක ජාලකරණය තුල හැමවිටම Local host ලෙස හදුන්නේ ඔබ භාවිතා කරන පරිගණකය හෝ උපාංගයයි.      

Port
යම් මෘදුකාංගයකට අන්තර්ජාලයට දත්ත යැවීමට හෝ එයින් දත්ත ලබා ගැනීමට අවශ්‍ය වූ විට 1 සිට 65535 දක්වා අංක කරන ලද Port එකක් භාවිතා කිරීමට සිදුවේ. මෙය එක් අතකට FM රේඩියෝ තරංග සංඛ්‍යාතයකට සමානය.  

Protocol (TCP, UDP, ICMP හා තවත්)
Protocol එකක් යනු අන්තර්ජාලය හරහා සන්නිවේදනය කරන ක්‍රම කීපයකි. මේවා අන්තර්ජාලයට පිවිසී සන්නිවේදනය කළ හැකි මූලධර්ම යැයි කීමද නිවැරදිය.  

Packet
ජාලකරණයේදී විවිධ උපාංග අතර හුවමාරු වන දත්ත ඒකක Packets ලෙස හදුන්වයි.  

Firewall
උපාංගයට ජාලයෙන් පැමිණෙන හෝ උපාංගයෙන් ජාලය වෙත යැවෙන දත්ත block කල හැකි ක්‍රමවේදය Firewall එකක් නම් වේ.සමහර Firewall මෘදුකාංග හරහා අපට අවශ්‍ය පරිදි තෝරා බේරා විවිධ මෘදුකාංග වෙබ් අඩවි හා Ports Block කළ හැකිය.

URL (Uniform Resource Locator)
යම් වෙබ් අඩවියකට පිවිසි පසු ඔබේ බ්‍රවුසරයේ දිස්වන වෙබ් ලිපිනය URL එක ලෙස හැදින්වේ.

1 comment:

  1. Best Casinos for real money 2021 | Top 10 casinos
    5 바카라사이트casinopan steps1.Generally 예스 벳 speaking, these sites will offer you the best welcome bonus · Find 버 슬롯 out more about bonuses alltension.com available · Choose a reputable online 프리 벳 casino that you believe will

    ReplyDelete