Google සමාගම ලොව ජනප්‍රියතම සෙවුම් යන්ත්‍රය Google crome, Android, Google Drive වැනි නිමැවුම් වල නිමැවුම්කරුවා බව අප දනිමු. කෙස් වුවත් ඔබ නොදන්නා Google හි ප්‍රයෝජනවත් ආකර්ෂනීය සේවාවන් රාශියක් ඇති බව දැන සිටියාද ? Google හි “20% time policy” නම් වැඩසටහනට අනුව සියලු Google සේවකයෝ සතියට එක් දිනක් නව නිපැයුමක් නිර්මාණය කිරීමට කැප කරති. මේ නිසා Google හි අප්‍රකට එහෙත් අගනා වැඩසටහන් රාශියක් අන්තර්ජාලයේ ඇත. මේ එයින් කිහිපයකි.
Google Tends visualizer Get Now
අමුතුම ආකාරයේ News සේවාවකැයි කිව හැකි මෙය හරහා ඔබට ලෝකයේ ඉතාමත් වේගවත් හා බොහෝ
දෙනා අතර පැතිරීයන මාතෘකා මොනවාදැයි දර්ශනය කරයි. බැලූ බැල්මට මෙය තරමක් වටහා ගැනීමට අපහසු වුවද ලොව වඩාත් ජනප්‍රිය මාතෘකා මොනවා දැයි මේ හරහා දැනගත හැකිය.
world wonders project Get Now
Google earth හි street view උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති සේවාවන් වන world windows
project හෙවත් ලෝක පුදුම ව්‍යාපෘතිය හරහා ඔබට ලෝකයේ පුදුමාකාර ජනප්‍රිය ස්ථාන වල ඡායාරූප අගනා
360o ක දෘශ්ඨි කෝණයකින් නැරඹිය හැකිය.
Google public data Explore Get Now
විශ්වවිද්‍යාල සිසුන්ට, සමාජ විද්‍යාව හදාරන්නට මෙන්ම සංඛ්‍යා දත්ත පිළිබඳව අවධානයෙන් සිටින අයට
ගැලපෙන සේවාවන් වන මෙය හරහා ලෝක සංවර්ධන නිර්ණායක x හා y අක්ෂ වලට යොදා එම
නිර්ණායක වලට ලෝකයේ අයත්වන ප්‍රතිශතයන් ප්‍රදේශ හා ජනකොට්ඨාශයන් පිළිබඳ අවබෝධයක්
ලබා ගත හැකිය.
The Evolution of the Web Get Now
වෙබ් ඉතිහාසය, බ්‍රවුසර් වල ඉතිහාසය අන්තර්ජාල වෙබි අඩවි හා බ්‍රවුසර්වල භාවිතා කරන තාක්ෂණයන්හි
විකාෂණය පිළිබඳ සරලව හා ආකර්ශණීයව තොරතුරු ගෙනඑන එක සමාන සේවාවකි.
Ingress
2013 වසරේ හොඳම Android පරිගණක ක්‍රීඩාව ලෙසද තවත් සම්මාන රාශියක් ද ලබාගත් Ingress යනු අප ජීවත් වන වටපිටාවම ක්‍රීඩාවකට හරවන Google හි නව නිපැයුමකි. Android හා ios සඳහා සකසා ඇති මෙම ක්‍රීඩාව ජීවන රටා හා ව්‍යායාම යන සංකල්ප රාශියක් එක් කොට නිර්මාණය කරන ලද්දක් බව පැවසේ.
Google Sky / Google moon / Google Mars
Google Earth හරහා පෘථිවිය නරඹන ආකාරයටම චන්ද්‍රයා මත අඟහරු ග්‍රහයා මත හා විශ්වය දෙස බැලීමට
මෙම සේවා හඳුන්වා දී තිබේ. මේවාට පිවිසීමට ඔබට Google තුළ Search කර ක්ෂණිකව අදාල සේවාවට
පිවිසීමට හැකිය.
Build Lego with Chrome Get Now
ඔබ Lego හි Building Blocks මගින් විවිධ නිර්මාණ කිරීමට කැමති ද ? එසේ නම් මෙම සේවාව හරහා
ඔබට විවේකීව සිටින විට Lego Blocks සමගින් විවිධාකාර නිර්මාණ කිරීමේ හැකියාව ලබාදෙයි.
Google Art Project Get Now
ලොව සුප්‍රකට කෘතුකාගාර 400 ක පමණ ඡායාරූප හා විස්තර අඩංගු මෙම සේවා හරහා ලොව සුප්‍රකට කලාකෘති ගණනාවක් ඔබේ දෑස ඉදිරිපිට ඇති ලෙසට නිරීක්ෂණය කිරීමට හා ඒ පිළිබඳ තොරතුරු ද ලබා ගැනීමට සැලසේ.
Google Earth Flight Simulator
Google earth හි PC සංස්කරණය Download කර එහි Tools හරහා Enter flight Simulator
විධානය ලබා දුන් පසු ඔබට මෙම සේවාව හරහා ගුවන් යානයක ගමන් කරන ආකාරයට Google ලෝක
සිතියම නැරඹීමට හැකිය.
No comments:
Post a Comment