පරිගණකයක් භාවිතා කරන ඔබට , එහි ඇති USB කවුළුවට නොයෙක් විටදී බාහිරින් වෙනත් USB උපාංග භාවිතා කර අත්දැකීමක් ඇති බව නොඅනුමානය. මෙම USB උපාංග ඇතැම් විට pen drive එකක් විය හැකිය. නැති නම් බාහිර දෘඩ තැටියක් (externel hard drive) විය හැකිය. කෙසේ නමුත් එය පරිගණකයට
සම්බන්ධ කල පසු දිස්වන පැනලයේ "General Properties" තුල "Speed up my system" යනුවෙන් පෙන්වන විකල්පයක් ඔබ දැක ඇතුවාට කිසිඳු සැකයක් නොමැත. එය Windowsහි ReadyBoost
පහසුකම භාවිතා කරන්නක් වන අතර, මෙහි සැබෑ අදහස කුමක්ද? මෙයින් ඔබගේ පරිගණක පද්ධතියේ ක්රියාකාරී වේගය වැඩි කරවනවාද ? මෙය බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකි. මේ ලිපියේ අරමුණ ඒ පිළිබඳව දල අවබෝධයක් ඔබ හමුවේ තැබීමයි.